පාන්ඩ්යාගේ සමීපතම ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ වාර්තා නිකුත් වෙයි

Date:

කොවිඩ් 19 ආසාදනය වූ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් 8 දෙනාට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව අණාවරනය වී තිබෙනවා.

ඒ, අද(27) සිදු කළ RT-PCR පරීක්ෂණවලදී යි.

අදාළ සාමාජිකයින් 8 දෙනා කවුරුන්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත්, ඔවුන්ට ඉදිරි 20යි 20 තරග දෙක සදහා සම්බන්ධ වීමේ අවස්ථාවක් හිමි නොවනු ඇති.

කෘනාල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීමත් සමග අද(27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි 20යි 20 තරගය ද හෙට(28) දිනය දක්වා කල් දැමුණු අතර, අවසන් 20යි 20 තරගය නියමිත පරිදි එළඹෙන 29 වනදා පැවැත්වීමට නියමිතයි.

පාන්ඩ්යාට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් හා PCR පරීක්ෂණයෙන් ද ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සදහන්.

කෘනාල් පාන්ඩ්යා හා සෙසු 8 දෙනා කොපමණ කාලයක් නිරෝධායනයට ලක් වන්නේ ද යන්න මෙතෙක් නිවේදනය කර නැහැ.

තවද අදාළ ක්‍රීඩකයාට වෛරසය ආසාදනය වූයේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ද මෙතෙක් අණාවරනය වී නැහැ.

ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය වීමක් සිදු වී ඇති බවට හදුනා ගෙන නොමැති බවත්, බුබුල තුළ සිටින වෙනත් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...