පාන්ඩ්යා ගල්කිස්සට; 8 දෙනා අද තරගයට එක්වන්නේ දැයි තවමත් අවිනිශ්චිතයි

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(28) දිනයේ දී නියමිත පරිදි පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

ඒ, කෘනාල් පාන්ඩ්යා හැර ඉන්දීය සංචිතයට සම්බන්ධ සෙසු සියලු සාමාජිකයින්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමගයි.

කෘනාල් පාන්ඩ්යා මේ වන විට ගල්කිස්ස ප්‍රදේශයේ අතරමැදි සත්කාර හෝටලයක් වෙත මාරු කර යවා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙතත්, ඉන්දීය සංචිතයේ සෙසු සාමාජිකයින් තවදුරටත් රැදී සිටින්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය තුළයි.

පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් ලෙස හදුනා ගත් සාමාජිකයින් 8 දෙනාට ද වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණය වුව ද ඔවුන්ට අද පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කළ හැකි ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වන්නේ නැහැ.

වැඩිදුර උපදෙස් ලබා දෙන තුරු එම සාමාජිකයින් 8 දෙනාට හෝටල් කාමර තුළම රැදී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති බව සදහන්.

දෙරට අතර පැවැති පළමු 20යි 20 තරගයෙන් ඉන්දියාව ජය ගත් බැවින් ඔවුන් තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය මේ වන විට තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...