ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි 20යි 20 තරගය කල් දැමේ

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අද(27) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය හෙට දක්වා කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අද සිදු කළ වෛද්‍ය පරීක්ෂණයකින් ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස ක්‍රීඩකයන් 8 දෙනෙකු හදුනා ගෙන ඇති බව සදහන්.

ඒ අනුව සියලු සාමාජිකයින් අද දිනයේ දී නැවතත් PCR පරීක්ෂණවලට ලක් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තෙවැනි 20යි 20 තරගය නියමිත පරිදි 29 වනදා පැවැත්වෙන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...