කොදෙව්වන් පරදා තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙරට වේලාවෙන් අද(27) පෙරවරුවේ සමත් වුණා.

බාර්බඩෝස්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් පන්දුවාර 45.1ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 152ක් පමණයි.

එවින් ලුවිස් නොදැවී ලකුණු 55ක් ලබා ගත් අතර, ඩැරන් බ්‍රාවෝ ලකුණු 18යි.

පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 3ක් දවා ගත්තා. ජොෂ් හේසල්වුඩ්, ඇෂ්ටන් ඒගාර් හා ඇඩම් සම්පා කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 30.3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

මැතිව් වේඩ් නොදැවී ලකුණු 51ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාවට ජය තහවුරු කර දුන්නා. නායක ඇලෙක්ස් කෙරී ලකුණු 35යි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...