තිදෙනෙකු ආබාධවලට ලක්වීමෙන් ශ්‍රී ලංකාව අර්බුදයක

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අගහරුවාදා(27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.

ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් නිසා පළමු 20යි 20 තරගය අහිමි වූ භානුක රාජපක්ෂට 20යි 20 තරගාවලියම අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

පළමු 20යි 20 තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ද පාදයක ආබාධයකට ලක්ව සිටිනවා.

ඔහු වෛද්‍ය පරීක්ෂණකට ලක් කර ඇති බවත්, එහි වාර්තාව ලැබීමෙන් පසුව ඔහුට ඉදිරි තරග ක්‍රීඩා කළ හැකිදැයි තීරණය කරනු ඇති බවත් සදහන්.

පැතුම් නිස්සංක ද පුහුණුවීම් අතරතුර පන්දුවක් අතේ වැදීම නිසා ආබාධයකට ලක්ව ඇති බැවින් ඔහුට ද ඉදිරි තරග සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...