පාකිස්තාන – ඇෆ්ඝනිස්තාන එක්දින තරගාවලිය ශ්‍රී ලංකාවේ දී

Date:

ඇෆ්ඝනිස්තානය හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්විමට තීරණය කර තිබෙනවා.

මීට පෙර එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එරට පැවැත්වෙන වෙනත් තරගාවලි හේතුවෙනුයි අදාළ තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට නොහැකි වී ඇත්තේ.

ඒ අනුව එක්දින තරගාවලිය ලබන සැප්තැම්බර් පළමු වනදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග මෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...