ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය පිතිකරුවන් දෙදෙනෙකුට එංගලන්තයෙන් හදිසි කැදවීමක්

Date:

ඉන්දීය පිතිකරුවන් වන ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් එංගලන්තයේ දී ඉන්දීය ටෙස්ට් සංචිතය සමග එක්වීමට නියමිතව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, එංගලන්ත තරග සංචාරයක නිරත ඉන්දීය ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් තිදෙනෙකු ආබාධවලට ලක්වීම හේතුවෙන්.

ෂුබ්මන් ගිල්, වොෂින්ටන් සුන්දර් හා අවේෂ් ඛාන් යන ක්‍රීඩකයින් එලෙස ආබාධවලට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ට එළඹෙන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයෙන් පසුව ආබාධයකට ලක් වීම නිසා ෂුබ්මන් ගිල්ට යළි සියරට බලා පිටත්ව යාමට සිදු වූ අතර, අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා නිමා වූ පුහුණු තරගයේ දී යි ආබාධවලට ලක්ව තිබුණේ.

ප්‍රිත්වි ෂෝ හා සූර්යකුමාර් යාදෙව් මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින්නේ ඉන්දු – ශ්‍රී ලංකා සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කිරීම සදහායි.

ඒ අනුව ඔවුන් දෙදෙනා කොළඹ සිට ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතව ඇතත්, කුමන දිනයක දී ඔවුන් එංගලන්තය බලා පිටත්ව යනු ඇත්දැයි මෙතෙක් නිශ්චිතව තොරතුරු වාර්තා වන්නේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...