ශ්‍රී ලංකාව සුපර් ලීගයේ පියවරක් ඉදිරියට; නවතම ප්‍රසාද ලකුණු සටහන මෙන්න

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහනට අනුව එහි 11 වන ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් ලැබූ ජයත් සමගින්.

ඒ අනුව සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාව මේ වන විට තරග 12කට ක්‍රීඩා කර ඉන් තරග 2ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 22ක් හිමි කර ගෙන සිටිනවා.

ඔවුන් පරාජයට පත් වූ තරග ගණන 9ක්.

එහි පෙරමුණ තවදුරටත් තහවුරු කර ගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 95කට හිමිකම් කියන එංගලන්තයයි.

දෙවැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 80ක් ලබා සිටිනවා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබන කණ්ඩායම් තෝරා ගනු ලබන්නේ මෙම සුපර් ලීගය හරහායි.

ප්‍රසාද ලකුණු සටහන –

  1. එංගලන්තය : තරග 15 – ප්‍රසාද ලකුණු 95
  2. බංග්ලදේශය : තරග 12 – ප්‍රසාද ලකුණු 80
  3. ඔස්ට්‍රේලියාව : තරග 7 – ප්‍රසාද ලකුණු 50
  4. ඉන්දියාව : තරග 9 – ප්‍රසාද ලකුණු 49
  5. පාකිස්තානය : තරග 9 – ප්‍රසාද ලකුණු 40
  6. අයර්ලන්තය : තරග 12 – ප්‍රසාද ලකුණු 35
  7. නවසීලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  8. ඇෆ්ඝනිස්තානය : තරග 3 – ප්‍රසාද ලකුණු 30
  9. බටහිර ඉන්දීය කොදෙව් : තරග 7 – ප්‍රසාද ලකුණු 30
  10. දකුණු අප්‍රිකාව : තරග 6 – ප්‍රසාද ලකුණු 24
  11. ශ්‍රී ලංකාව : තරග 12 – ප්‍රසාද ලකුණු 22
  12. නෙදර්ලන්තය : තරග 3 – ප්‍රසාද ලකුණු 20
  13. සිම්බාබ්වේ : තරග 6 – ප්‍රසාද ලකුණු 10

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...