මිනෝද් කියපු දේ කරමින් සංජු දැවී ගිය හැටි මෙන්න

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම අද(23) සිය මංගල එක්දින කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ, ඉන්දියාවට එරෙහි තෙවැනි එක්දින තරගයේ දී සංජු සැම්සන්ගේ කඩුල්ල දවා ගනිමින්.

ඒ වන විට සංජු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 46ක්.

මෙම කඩුල්ල දැවී ගිය ආකාරය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ, එම පන්දුව යොමු කිරීමට පෙර කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක විසින් ප්‍රවීන්ට ලබා දුන් උපදෙස් හා මිනෝද්ගේ අනුමාන කිරීම නිවැරැදි වීම හේතුවෙන්.

“දැන් පැනල ඇවිත් අතන්ට ගහන්න ඉඩ තියෙනවා. පොඩ්ඩක් මගට දාන්න හෙමීට” යනුවෙන් මිනෝද් සදහන් කළා.

ඔහු සදහන් කළ අයුරින්ම සංජු සැම්සන් ඉදිරියට පැන පහරක් එල්ල කළ අතර, එහිදී සංජු දැවී ගියේ අවිශ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...