කොදෙව් – ඔස්ට්‍රේලියා දෙවැනි එක්දින තරගය අවසන් මොහොතේ කල් දැමේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මෙරට වේලාවෙන් ඊයේ(22) මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට බළධාරීන්ට සිදු වුණා.

ඒ, තරගයේ පළමු පන්දුව යැවීමට මිනිත්තු කිහිපයකට පෙර කොවිඩ් 19 ආසාදිතයෙකු වාර්තා වීම හේතුවෙන්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, කොදෙව් කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව අනාවරණය වුණේ කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුවයි.

ඒ අනුව කණ්ඩායම් දෙකම මේ වන විට නිරෝධායනයට ලක් කර තිබෙනවා.

සියලු සාමාජිකයින් යළි PCR පරීක්ෂණයකට ලක් කෙරෙන අතර, එහි ප්‍රතිපල අනුව අදාළ තරගය නැවත පවත්වන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම සිදුවීමත් සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයට ද බලපෑමක් එල්ල වනු ඇත්දැයි මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

එළඹෙන 24 වනදා පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අරමුණින් බංග්ලාදේශය වෙත පිටත්ව යාමටයි නියමිතව ඇත්තේ.

එම තරගාවලිය ලබන 3 වනදා ඩකාහී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...