මිලර්ගේ සුපිරි ප්‍රහාරය හා ශම්සිගේ සුපිරි පන්දු යැවීම හමුවේ තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

Date:

අයර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 42ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

ඉනිමේ කඩුලු 5ක් ලකුණු 58කට දැවී ගිය නමුත්, අනතුරුව ඩේවිඩ් මිලර් පන්දු 44කින් වේගවත් ලකුණු 75ක් නොදැවී ලබා ගනිමින් දකුණු අප්‍රිකාව සටන්කාමී ලකුණු ප්‍රමාණයක් කරා රැගෙන ගියා.

ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 4ක් ඇතුළත්. වියාන් මුල්ඩර් ලකුණු 36යි.

පන්දු යැවීමේ දී පෝල් ස්ටර්ලින්ග් හා Mark Adair කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 117ක් පමණයි.

Shane Getkate ලකුණු 24ක් හා George Dockrell ලකුණු 20ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Bjorn Fortuin හා ටැබ්රයිස් ශම්සි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ දකුණු අප්‍රිකාවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...