ශ්‍රී ලංකාවේ ප්‍රබලම තුරුම්පුවත් ආබාධයකට ලක් වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද(23) පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින තරගය සදහා ඔහු ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් පවතින බව සදහන්.

කෙසේ වෙතත්, ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොපවතින බවයි වාර්තා වුණේ.

කසුන් රාජිත ද ආබාධයකට ලක්ව ඇති බැවින් අවම වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය සදහා වෙනස්කම් දෙකක් සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අකිල ධනංජය, රමේෂ් මෙන්ඩිස්, ඉෂාන් ජයරත්න හා ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙකු තෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

තෙවැනි හා අවසන් එක්දින තරගය අද(23) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...