රොෂාන් අබේසිංහ වෙනුවට මහරුෆ් විස්තර විචාරයට

Date:

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ ඉතිරි තරග සදහා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු සහ විස්තර විචාරකයෙකු වන ෆර්විස් මහරුෆ් මහතා එක්ව තිබෙනවා.

හෙට(23) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ සිට ඔහු ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුවට එක් වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාලියේ දී මෙතෙක් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළ රොෂාන් අබේසිංහ මහතා වෙනුවට ෆර්විස් මහරුෆ් මෙලෙස විස්තර විචාරකයෙකු ලෙස එක්වන බව සදහන්.

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවයක් මතයි අබේසිංහ මහතා තරගාවලියෙන් ඉවත්ව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...