ස්ටොක්ස් යළි ටෙස්ට් සංචිතයට; ඉන්දියාවට එරෙහි එංගලන්ත සංචිතය නම් කෙරේ

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් විසින් මෙම සංචිතය ද නම් කර ඇති අතර, ඊට තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් කැදවා තිබීම විශේෂත්වයක්.

ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහුට නවසීලන්තය සමග නිමා වූ ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටව් හා සෑම් කරන් යන ක්‍රීඩකයින් ද යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මංගල තරගයේ දී ම නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක් දවා ගැනීමෙන් පසුව තරග තහනමකට ලක් වූ ඔලී රොබින්සන් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

ආබාධවලට ලක්ව සිටින ජොෆ්ර ආචර් හා ක්‍රිස් වෝක්ස් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 4 වනදා Trent Bridge හී දී ආරම්භ වීමට නියමිතයි.

සංචිතය –

Joe Root (C), James Anderson , Jonny Bairstow , Dom Bess , Stuart Broad , Rory Burns , Jos Buttler , Zak Crawley , Sam Curran , Haseeb Hameed , Dan Lawrence , Jack Leach , Ollie Pope , Ollie Robinson , Dom Sibley, Ben Stokes , Mark Wood

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...