“ශ්‍රී ලංකාවට දිනන හැටි අමතක වෙලා.” : මුරලිදරන්

Date:

තරග ජය ගන්නා ක්‍රමවේද සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනුවත් භාවය අවම මට්ටමක පවතින බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර කිහිපයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායමට තරග ජය ගන්නා ක්‍රමවේද අමතකව ඇති බවයි.

ඉන්දු – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත්වීමෙන් පසුව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් ඒ බව සදහන් කළා.

එම තරගයේ දී ශ්‍රී ලංකාව වැරැදි කිහිපයක් සිදු කළ බවයි ඔහු කියා සිටියේ.

වනිදු හසරංගගේ අවසන් පන්දුවාර ආරක්ෂා කර ගනිමින් සිටිනවාට වඩා එම පන්දුවාර යැවීමට අවස්ථාව ලබා දී පසුපෙල කඩුලු කඩිනමින් දවා ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බව ඔහුගේ අදහසයි.

කඩුලු 7ක් දැවී ගිය අවස්ථාවේ දී හොදම පන්දු යවන්නන් යොදවා 8 වන කඩුල්ල ද දවා ගත්තේ නම් ඉන්දියාවට තරගය ජය ගැනීම අතිශය අපහසු කටයුත්තක් වන බව මුරලිදරන් පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...