වනිදු එක්දින හා 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් එහි පන්දු යවන්නන් අතර 8 වන ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති එක්දින තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ මෙහිදි හසාන් මිරාස් 4 වැනි ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර, ඇෆ්ඝනිස්ථානයේ මුජීබ් රෙහ්මාන් 2 වැනි ස්ථානය දක්වාත්, එංගලන්තයේ ක්‍රිස් වෝක්ස් 3 වැනි ස්ථානය දක්වාත් එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ස්ථාන 22කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ අනුව මෙතෙක් 58 වන ස්ථානයේ රැදී සිටි ඔහු මේ වන විට රැදී සිටින්නේ 36 වන ස්ථානයේයි.

වනිදු හසරංග 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයේ රැදී සිටීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...