දින 115කට පෙර කොළඹ දී අවසන් වූ ටෙස්ට් ක්‍රිකට් යළි ආරම්භයට සියල්ල සූදානම්

Date:

කොරෝනා වසංගතයත් සමග අත්හිටුවීමට සිදු වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග අද සිට යළි ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද ආරම්භ වන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියත් සමගින්.

තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට සවුත්හැම්ටන්හී  දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කළ සිව්දින පුහුණු තරගය මීට දින 115කට පෙර අතරමග නවතා දැමීමෙන් පසු ටෙස්ට් තරග රටාවේ තරගයක් ආරම්භ වන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර, පළමු තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බෙන් ස්ටොක්ස්ට හිමිව තිබෙනවා.

ඒ, පෞද්ගලික හේතුවක් නිසා මෙම තරගයට නිත්‍ය නායක ජෝ රූට් ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

බෙන් ස්ටොක්ස් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දරන පළමු අවස්ථාව මෙය වන අතර ඔහු එංගලන්ත ටෙස්ට් කණ්ඩායම මෙහෙයවන 81 වැනි නායකයා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

මේ අතර, මෙම  ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී “Black Lives Matter” නම් ලාංඡනය සිය කමිසයන්හි කරපටියෙහි පැළදීමට බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත ක්‍රීඩකයින් තීරණය කර තිබෙනවා.

ඒ, කලු ජාතිකයින් සදහා සාමානාත්මතාවය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ලොව පුරා ආරම්භ වූ සටනට සහය ලබා දීමක් වශයෙන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...