රමීස් රාජාගෙන් ශ්‍රී ලංකාවට උපහාසයක්

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති පළමු එක්දින තරගය පසුගියදා නිමා වුණේ ඉන්දියාවට කඩුලු 7ක පහසු ජයක් හිමි කර දෙමින්.

එම තරගයේ දී ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 263ක ජයග්‍රාහී ඉලක්කය නව මුහුණුවරකින් යුත් ඉන්දීය කණ්ඩායම හඹා ගියේ පන්දුවාර 36.4ක් අවසානයේ දී යි.

ශ්‍රී ලංකාවට වඩා තුන් ඉරියව්වෙන්ම ඉන්දීය ක්‍රීඩකයින් එම තරගයේ දී බොහෝ සෙයින් ඉදිරියෙන් පසු වූ බව දක්නට ලැබුණා.

මේ අතර, මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රමීස් රාජා සදහන් කර ඇත්තේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය විශ්වවිද්‍යාල කණ්ඩායමක් හා පාසල් කණ්ඩායමක් අතර පැවැති තරගයක් ලෙස දර්ශනය වූ බවයි.

කුසලතා, ක්‍රියාත්මක කිරීම, දක්ෂතා, තරගය තේරුම් ගැනීමට ඇති හැකියාව යන කරුණු සැළකීමේ දී කණ්ඩායම් දෙක අතර පැහැදිලි වෙනසක් දැකිය හැකි වූ බව ඔහු පෙන්වා දෙනවා.

දග පන්දු යවන්නන්ට එරෙහිව පන්දුවට පහරදිය යුත්තේ කෙසේදැයි ශ්‍රී ලංකා පිතිකරුවන්ට කිසිදු අදහසක් නොතිබූ බවයි රමීස් රාජා කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...