පළමු එක්දින තරගයේ නායකත්වය ඇලෙක්ස් කෙරීට

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇලෙක්ස් කෙරීට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක ආරෝන් ෆින්ච් ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

දෙරට අතර පැවැති 5 වැනි 20යි 20 තරගයේ දී ෆින්ච් දණහිසක ආබාධයකට ලක් වූ අතර, ඔහු මෙතෙක් සම්පූර්ණ සුවය ලබා නොමැති බව සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගය මෙරට වේලාවෙන් අද මධ්‍යම රාත්‍රියේ දී (රාත්‍රී 12ට) කොදෙව් දූපත්හි බාර්බඩෝස්හීදී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...