බට්ලර්, අලීගේ සුපිරි පිතිහරඹයෙන් පසු දග පන්දු යවන්නන් එංගලන්තයට ජය ගෙනෙයි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති දෙවැනි 20යි 20 තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙන ඒමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

ලීඩ්ස්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 19.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 200ක් රැස් කළා.

ජොස් බට්ලර් ලකුණු 59ක් ලබා ගත්තේ පන්දු 39කට මුහුණ දෙමින්.

ලියම් ලිවින්ග්ස්ටන් පන්දු 23කින් ලකුණු 38ක් ද, මොයීන් අලී පන්දු 16කින් ලකුණු 36ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් හස්නයින් කඩුලු 3ක් ද, ඉමාඩ් වසීම් හා හැරිස් රවුෆ් කඩුලු 2 බැගින් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

මොහොමඩ් රිස්වාන් ලකුණු 37ක් හා ශඩාබ් ඛාන් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සකිබ් මහ්මූද් කඩුලු 3ක් බිද හෙලූ අතර, අඩිල් රෂීඩ් හා මොයීන් අලී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...