ඉන්දීය පිතිකරුවන්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7ක පරාජයක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(18) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 නිමා කළේ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා අවිශ්ක ප්‍රනාන්දු හා මිනෝද් භානුක අතර ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණා.

අවිශ්ක ලකුණු 33කටත්, මිනෝද් ලකුණු 27කටත් දැවී ගිය අතර, මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ ලකුණු 24ක් රැස් කළා. ධනංජය ද සිල්වා ලකුණු 14යි.

චරිත් අසලංක ලකුණු 38ක් ලබා ගත් අතර, නායක දසුන් ශානක ලකුණු 39කට දැවී ගියා.

මෙම ඉනිමේ දී ද සුපුරුදු පරිදි ශ්‍රී ලංකා මැද පෙල පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය මන්දගාමී ස්වභාවයක් ගනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉනිමේ දී වාර්තා වූ නිලකුණු පන්දු සංඛ්‍යාව 158ක්.

ඉනිමට සාර්ථක අවසානයක් ලබා දුන් චාමික කරුණාරත්න පන්දු 35කින් ලකුණු 43ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාර 5 තුළ ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 52ක්.

පන්දු යැවීමේ දී දීපක් චහාර්, යුස්වේන්ද්‍ර චහෙල් හා කුල්දීප් යාදෙව් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 36.4ක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ල සදහා ප්‍රිත්වි ෂෝ හා ශිකර් ධවාන් අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 58ක්.

ප්‍රිත්වි පන්දු 24කින් ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 9ක් සමගින්.

මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ ඉෂන් කිෂන් පන්දු 42කින් ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා. මනීෂ් පාන්ඩේ ලකුණු 26යි.

ඉනිමේ නැංගුරම බවට පත් වූ නායක ශිකර් ධවාන් පන්දු 95කින් නොදැවී ලකුණු 86ක් ලබා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 31(20)යි.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් හා ලක්ෂාන් සදකැන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ පන්දු රැකීම තරමක් දුර්වල මට්ටමකයි පැවතුණේ.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලියේ දෙවැනි තරගය එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතයි.

https://twitter.com/cric12222/status/1417055320308740096

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...