අයි.සී.සීයට නව සාමාජික රටවල් 3ක්

Date:

තවත් රටවල් 3කට ජගත් ක්‍රිකට් කවුන්සලයේ සාමාජිකත්වය හිමිව තිබෙනවා.

අද(18) පැවැති අයි.සී.සීයේ 78 වන වාර්ෂික මහා සභා රැස්වීමේ දී යි එම රටවල් සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ.

මොන්ගෝලියාව, ටජිකිස්ථානය හා ස්විට්සර්ලන්තය එලෙස සාමාජිකත්වය ලබා ගත් බව අයි.සී.සීය සදහන් කළා.

මොන්ගෝලියාව හා ටජිකිස්ථානය ආසියානු කලාපයෙන් අයි.සී.සීයේ සාමාජිකත්වය ලබා ගත් 22 වන හා 23 වන රටවල් ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

ස්විට්සර්ලන්තය යුරෝපා කලාපයෙන් එහි සාමාජිකත්වය ලබා ගත් 35 වන රටයි.

ඒ අනුව අයි.සී.සී සාමාජික රටවල් සංඛ්‍යාව මේ වන විට 106 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් පූර්ණ සාමාජිකත්වය හෙවත් ටෙස්ට් තත්ත්වය හිමිව ඇත්තේ රටවල් 12කට පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...