“ලංකාව එක් තරගයක් හරි දිනුවත් මම පුදුම වෙනවා” : මන්ජ්රේකා

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින හා 20යි 20 තරගාවලි අතරින් එක් තරගයක් හෝ ශ්‍රී ලංකාව ජය ගතහොත් තමා පුදුමයට පත් වන බව ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන සංජයි මන්ජ්රේකා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ඉන්දීය කණ්ඩායම කිසිසේත්ම දෙවන පෙළ කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බවයි.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වෙත අදහස් දක්වමින් සංජයි මන්ජ්රේකා මේ බව කියා සිටියා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම එංගලන්ත තරග සංචාරයක නිරතව ඇති බැවින් ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ශ්‍රී ලංකා සංචාරය සදහා නම් නොකිරීමටයි ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගත්තේ.

ශිකර් ධවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් 20 දෙනාගෙන් 10 දෙනෙකුම මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගෙන ද නැහැ.

IPL තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් රැසකට ශ්‍රී ලංකා තරග සංචාරය සදහා අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඉන්දීය සංචිතයට ඇතුළත් නායක ශිකර් ධවාන් හා හර්ඩික් පාන්ඩ්යා යනු තරග වෙනස් කළ හැකි දෙදෙනෙකු බව සංජයි මන්ජ්රේකා වැඩිදුරටත් සදහන් කර සිටියා.

කුල්දීප් යාදෙව් හා මනීෂ් පාන්ඩේට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් දක්ෂතා ප්‍රදර්ශනය කළ හැකි බවට සනාත කිරීම සදහා යළිත් අවස්ථාවක් උදා වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය අද(18) පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...