චැනල් අයි නාලිකාවට ගිලිහුණු ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලිය බලන්නේ මෙහෙමයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය හෙටින් (18) ආරම්භ වනවා.

කොළම ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දි සියලු තරග පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය හෙට පස්වරු 3ට ආරම්භ වීමට නියමිතයි.

අවසන් එක්දින තරග 2 ලබන 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

20යි 20 තරග ආරම්භ වීමට නියමිතව ඇත්තේ රාත්‍රී 8ට වීම විශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩාමේ මෙවර ශ්‍රී ලංකා තරග සංචාරයේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ සියත රූපවාහිනියටයි.

සුපුරුදු පරිදි ඉන්දියානු කලාපීය රූපවාහිනී විකාශන අයිතිය Sony Pictures Sports Network සතු වනවා.

ඒ අනුව ඩයලොග් TV හා PEO TV පරිභෝගිකයින්ට Sony SIX හා Ten Cricket යන නාලිකා ඔස්සේ තරගාවලිය නැරඹිය හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...