පාකිස්තානය පැමිණ දින 9කට පසු එංගලන්තය තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි

Date:

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත ටෙස්ට් සහ 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

ඒ, පාකිස්තාන කණ්ඩායම එරටට පැමිණ දින 9කට පසුවයි.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 5 වනදා මැන්චෙස්ටර් හී දී ආරම්භ වනු ඇති.

දෙවැනි ටෙස්ට් තරගය අගෝස්තු 13 වනදා ද, තෙවැනි තරගය අගෝස්තු 21 වනදා ද ආරම්භ වන බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එම ටෙස්ට් තරග දෙක සවුත්හැම්ටන් හී දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරග 3කින් යුත් එක්දින තරගාවලියක් ද පැවැත්වෙනවා.

එම තරග සවුත්හැම්ටන් හී දී ජූලි 30, අගෝස්තු 1 සහ 4 යන දිනවලදී පැවැත්වෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...