“ඉන්දියාවේ IPL නැහැ” – ගංගුලි කියයි, පළමු තැන ශ්‍රී ලංකාවට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඉන්දියාව තුළ පැවැත්වීමේ හැකියාවක් නොමැති බවට එරට ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ඉගි පල කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා වසංගත තත්ත්වය මෙම වසර අවසානය හෝ ලබන වසර මුල දක්වා ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන මයාන්ක් අගාර්වල් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා සුදුසු එන්නතක් සොයා ගන්නා තුරු ප්‍රවේශම් වීම වැදගත් බවයි ගංගුලි පෙන්වා දෙන්නේ.

මීට පෙර මෙවර අයි.පී.එල් තරගාවලියේ සත්කාරකත්වය සදහා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඉදිරිපත්ව සිටි අතර මේ වන විට නවසීලන්තය ද තරගාවලියේ සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාව තවදුරටත් මෙවර අයි.පී.එල් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සදහා ඉදිරියෙන්ම පසුවන බවයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...