ලුවිස්ගේ සුපිරි පිතිප්‍රහාරය හේතුවෙන් කොදෙව්වන්ට 4-1ක තරගාවලි ජයක්

Date:

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැති තරග 5කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(17) උදෑසන සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ඔවුන් ලකුණු 16ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ශාන්ත ලුසියා හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 8ක් දැවී ලකුණු 199ක් රැස් කළා.

එවින් ලුවිස් පන්දු 34කින් ලකුණු 79ක් ලබා ගත්තේ හයේ පහර 9ක් හා හතරේ පහර 4ක් ද සමගින්.

නායක නිකලස් පූරාන් ලකුණු 31ක් රැස් කළ අතර, ක්‍රිස් ගේල් හා ලෙන්ඩ්ල් සිමන්ස් ලකුණු 21 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඇන්ඩෘ ටයි කඩුලු 3ක් ද, මිචෙල් මාෂ් හා ඇඩම් සම්පා කඩුලු 2 බිගින් ද බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 183ක් පමණයි.

ආරෝන් ෆින්ච් ලකුණු 34ක් හා මිචෙල් මාෂ් ලකුණු 30ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ෂෙල්ඩන් කොට්‍රෙල් හා ඇන්ඩ්‍රි රසල් කඩුලු 3 බැගින් බිද හෙලීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...