ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ විස්තර විචාරකයින් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා 20යි 20 තරගාවලියන්හි ජාත්‍යන්තර විස්තර විචාරක කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවෙන් රසල් ආර්නල්ඩ් හා රොෂාන් අබේසිංහ යන මහත්වරුන් සියලු තරග සදහා විස්තර විචාරකයින් ලෙස එක් වීමට නියමිතයි.

එමෙන්ම ඉන්දියාවේ මුරලි කාර්තික් හා චාරු ශර්මා ද ජාත්‍යන්තර විස්තර විචාරකයින් ලෙස කටයුතු කරනු ඇති.

දකුණු අප්‍රිකාවේ H.D Ackerman ද මෙම තරගාවලි සදහා විස්තර විචාරයෙන් දායක වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දු – ශ්‍රී ලංකා තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...