ඩී කොක් හා මලාන්ගේ ශතක හේතුවෙන් දකුණු අප්‍රිකාව තරගාවලිය සම කරයි

Date:

අයර්ලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් නිමා කිරීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 70ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Dublin හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 4ක් දැවී ලකුණු 346ක් ලබා ගත්තා.

ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 225ක සබදතාවයක් ගොඩ නැගීමට ක්වෙන්ටන් ඩී කොක් හා Janneman Malan සමත් වුණා.

Janneman Malan නොදැවී ලකුණු 177ක් හා ඩී කොක් ලකුණු 120ක් රැස් කළා. රසී වැන් ඩර් ඩුසේන් ලකුණු 30යි.

Josh Little ලකුණු 53කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට පන්දුවාර 47.1ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 276ක් පමණයි.

Simi Singh නොදැවී ලකුණු 100ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඇන්ඩිල් පෙහ්ලුක්වායෝ හා ටැබ්රයිස් ශම්සි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණු අතර, දෙවැනි තරගයෙන් ජය වාර්තා කළේ අයර්ලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...