එංගලන්ත පිතිකාරිණිය කඩුල්ලෙන් පිටුපසට පැමිණ එල්ල කළ අමුතු පහර

Date:

ක්‍රිකට් ක්‍රීඩාව තුළ පිතිකරුවන් විසින් විවිධාකාරයේ පහරවල් එල්ල කරන අවස්ථා ඔබ ඕනෑ තරම් දැක ඇති.

ක්‍රිකට් පොතේ පහරවල් මෙන්ම ඉන් බැහැර වී විවිධාකාරයේ පහරවල් ද පිතිකරුවන් විසින් එල්ල කරනු ලබන අතර, එවැනි පහරවල් එල්ල කිරීමට ගොස් ඇතැම් විට පිතිකරුවා දැවී ගිය අවස්ථා ද නැතුවා නොවේ.

ක්‍රිකට් පිටියේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන මේ ආකාරයේ අමුතු පහරක් ඉන්දීය කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි 20යි 20 තරගයේ දී ද දැක ගත හැකි වුණා.

එංගලන්ත ආරම්භක පිතිකාරිණිය වන Tammy Beaumont විසින් තරගයේ එංගලන්ත ඉනිමේ තෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවටයි එම පහර එල්ල කරනු ලැබුවේ.

එම පන්දුව පිට ඉන්න ප්‍රදේශයේ වයිඩ් සීමාව ඔස්සේ ඇදී ගිය අතර, Tammy Beaumont වයිඩ් සීමාවට ම පැමිණ හතරේ පහරක් එල්ල කරනු ලැබුවා.

විශේෂත්වය වූයේ එම අවස්ථාවේ දී ඇයගේ ශරීරයෙන් වැඩි ප්‍රමාණයක් කඩුල්ලේ සීමාවෙන් පිටුපස රැදී තිබීමයි.

මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කළ එංගලන්ත ක්‍රීඩිකාවන් දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...