ඉන්දීය ක්‍රීඩකයෙකුට කොරෝනා

Date:

එංගලන්ත තරග සංචාරයේ නිරත 23 දෙනෙකුගෙන් යුත් ඉන්දීය සංචිතයේ ක්‍රීඩකයින් අතරින් එක් අයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය නිමා වීමෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයින් දින 20ක විවේක කාලයක් ගත කළ අතර, එම කාලයේ දී යි අදාළ ක්‍රීඩකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ.

ඒ අනුව ඔහු මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර ඇති බැවින් අද(15) දිනයේ දී සෙසු ඉන්දීය ක්‍රීඩකයින් සමග ඔහුට ඩර්හැම් වෙත පිටත්ව යාමට ද හැකි වන්නේ නැහැ.

වෛරසය ආසාදනය වූයේ කුමන ක්‍රීඩකයාටදැයි මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැති නමුත්, ඇතැම් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් මෙලෙස කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇති බවයි.

ඉන්දීය කණ්ඩායම ලබන 20 වනදා සිට තෙදින පුහුණු තරගයකට ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ඉන්දු – එංගලන්ත තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය ලබන 4 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...