මුෂ්ෆිකර්ගේ මවට හා පියාට කොවිඩ් ආසාදනය වෙයි

Date:

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් සිම්බාබ්වේ තරග සංචාරයේ ඉදිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉදිරි තරගවලින් ඉවත්ව ඇති බවයි බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

රහීම්ගේ මවට සහ පියාට කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඔහු එලෙස යළි සියරට බලා පිටව යාමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා නොකිරීමට මුෂ්ෆිකර් රහීම් මීට පෙර තීරණය කර තිබූ නමුත්, පසුව ඔහු එම තරගාවලියට එක් වීමටයි තීරණය කළේ.

නමුත්, පවතින තත්ත්වය මත ඔහුට යළි සිය තීරණය වෙනස් කිරීමට සිදුව තිබෙනවා.

මුෂ්ෆිකර් රහීම්ට එළඹෙන ඔස්ට්‍රේලියානු තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බව සදහන්.

ඒ, සියලු ක්‍රීඩකයින් ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළත් වීමට පෙර දින 10ක කාලයක් නිරෝධායනය විය යුතු බවට බංග්ලාදේශ හා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන තීරණය කර ඇති බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...