ජනපති හා ක්‍රිකට් බළධාරීන් අතර හමුව කල් යයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද(14) පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දමා තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයින් ද එක්වීමටයි නියමිතව තිබුණේ.

එහිදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා දියුණු කළ යුතු ආකාරයට අදාළ කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට නියමිතව තිබූ බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.

ක්‍රීඩාවේ දියුණුව සදහා පවතින අවශ්‍යතා පිළිබදව ද එහිදී අවධානය යොමු කිරීමට නියමිතව තිබුණා.

කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාව වෙනත් දිනයක් දක්වා කල් දැමූ බවයි ක්‍රීඩා අමාත්‍යවරයා අද පස්වරුවේ තහවුරු කර සිටියේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා, ක්‍රීඩා අමාත්‍යංශය සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රමිතිය ඉහළ නංවාලීමට කැපවී සිටින බව ද ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...