ඌව T20 ලීගය ක්‍රීඩා කර ඇත්තේ ඉන්දියාවේ බව හෙළි වෙයි – දෙදෙනෙකු අත්අඩංගුවට

Date:

ඌව T20 ලීග් ක්‍රිකට් තරගාවලිය යනුවෙන් පසුගිය 29 වනදා පවත්වා තිබූ තරග පිළිබදව මේ වන විට තොරතුරු රැසක් අණාවරණය වී තිබෙනවා.

අදාළ තරගාවලිය සැබවින්ම ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර නොමැති බවත්, සූදුවට සම්බන්ධ වූවන් පිරිසක් විසින් එය ඉන්දියාවේ මොහාලි හි ගම්මානයක පවත්වා ඇති බවටත් මේ වන විට හෙළි වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ සම්බන්යෙන් සැකපිට ඉන්දීය පොලීසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට(6) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද සදහන්.

එමෙන්ම පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද කටයුතු කර තිබෙනවා.

අදාළ තරගාවලියේ තරග දෙකක් පසුගිය සදුදා පැවැති බවට වාර්තා වූ අතර, එම තරග youtube ඔස්සේ සජීවීව ප්‍රචාරය කිරීමට ද කටයුතු කර තිබුණා.

එමෙන්ම ඊට එක් වූ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෙස පෙනී සිට ඇති අතර, තරගාවලියේ සජීවී ලකුණු සටහන් පන්දුවෙන් පන්දුව ඉන්දීය වෙබ් අඩවි කිහිපයක ද පල කිරීමට කටයුතු කර තිබූ බව සදහන්.

එවැනි තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ නොපැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා නිවේදනය කළා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් ද එක්වන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් ෆර්විස් මහරුෆ් පසුගියදා අදාළ වාර්තා ප්‍රතික්ෂේප කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...