මෙන්ඩිස් මත්පැන් පානය කර නැහැ – අවිශ්කත් රථයේ ඉදලා – CCTV දර්ශන නිකුත් වෙයි

Date:

රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අනතුර සිදු වන අවස්ථාවේ බීමතින් නොසිටි බවට මූලික විමර්ශනවලින් අණාවරණය වී තිබෙනවා.

ඔහු අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබද අණාවරණය වී ඇති බවයි newswire වෙබ් අඩවිය වාර්තා කළේ.

රිය අනතුර සිදු වන අවස්ථාවේ දී ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ද ඔහු පැද වූ රථයේ සිට ඇති බව සදහන්.

ඔවුන් මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී යි මෙම අනතුර සිදුව තිබුණේ.

කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ගැටී අනතුර සිදු වූ අතර, එහිදී 64 හැවිරිදි පාපැදිකරු මිය ගියා.

කුසල් මෙන්ඩිස්ට නින්ද යාම අනතුරට හේතුව ලෙස අණාවරණය වී තිබෙනවා.

CCTV දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...