බංග්ලාදේශයට ලකුණු 220ක ජයක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 220ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද(11) සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 477ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමට තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 256ක් පමණයි.

නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 92ක් රැස් කළේ පන්දු 73කට මුහුණ දෙමින්. ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 52යි.

පන්දු යැවීමේ දී මෙහිදි හසාන් මිරාස් හා ටස්කින් අහ්මඩ් කඩුලු 4 බැගින් බිද හෙලුවා.

හරාරේහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 468ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශය සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 284ක් ලබා සිටියදීයි.

පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 150ක් රැස් කළ බංග්ලාදේශයේ මහ්මුදුල්ලාහ් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...