සියලු පුහුණුකරුවන් නොමැතිව පුහුණුවීම් ඇරඹීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවසර

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හෙට(12) සිට යළි පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර හිමිව තිබෙනවා.

ඒ, සියලු ක්‍රීඩකයින්ට සිදු කළ තවත් PCR පරීක්ෂණයකින් ඔවුන් සියලු දෙනාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බවට හදුනා ගැනීම හේතුවෙන්.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය අනිද්දා (13) ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එය ලබන 18 වනදා දක්වා කල් දැමීමටයි ඊයේ(10) තීරණය කෙරුණේ.

එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගැනීමත් සමග එලෙස තරගාවලිය කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ, පවතින තත්ත්වය මත ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හා පුහුණු කාර්යය මණ්ඩලයට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව වැඩි කාලසීමාවක් නිරෝධායනයට ලක් වීමට සිදු වන බැවින්.

පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට හා දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන්ටයි කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැණුනේ.

ඒ අනුව එක්දින තරග තුන ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිත අතර, 20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ සදහන් කළා.

හෙට සිට පුහුණුවීම් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවසර ලැබුණ ද, ඔවුන්ට පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් නොමැතිව සිය පුහුණුවීම් ආරම්භ කිරීමට සිදු වනු ඇති.

ඒ, කොවිඩ් 19 ආසාදනය වූ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ගේ සමීප ආශ්‍රිතයින් වන පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින්ට ලබන 14 වනදා දක්වා නිරෝධායනයට ලක් වීමට සිදුව ඇති බැවින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...