අයර්ලන්ත ක්‍රීඩකයෙකුට කොරෝනා; දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියත් අද ඇරඹේ

Date:

දකුණු අප්‍රිකාවට එරෙහි පන්දුවාර 20යි 20 තරගාවලිය වෙනුවෙන් නම් කර සිටි අයර්ලන්ත නවක කඩුලු රකින පිතිකරු Neil Rock ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් ඔහුට අදාළ තරගාවලිය අහිමි වන අතර, මේ වන විට ඔහුව හුදෙකලා කිරීමට ලක් කර ඇති බවයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Neil Rock එරට ජාතික 20යි 20 සංචිතයට කැදවා තිබූ පළමු අවස්ථාව ද මෙයයි.

ඔහු වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 22 හැවිරිදි Stephen Doheny සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Neil Rock ට කොවිඩ් 19 ආසාදනය වුව ද ඉන් සංචිතයේ සෙසු ක්‍රීඩකයින්ට එල්ල වූ බලපෑම ඉතා අවම මට්ටමක පවතින බවයි එරට බළධාරීන් සදහන් කළේ.

මේ අතර, අයි.සී.සී ලෝක කුසලාන සුපර් ලීගය යටතේ දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය අද(11) Dublin හී දී ආරම්භ වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...