ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය ලෝක කුසලාන දෙකක සත්කාරකත්වයට එකමුතු වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සමග එක්වී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි දෙකක් සදහා සම සත්කාරකත්වය දැරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2027 හා 2031 ලෝක කුසලාන තරගාවලි සදහා එලෙස ඒකාබද්ධ වී සත්කාරකත්වය දැරීමටයි පාකිස්තානයේ අවධානය යොමුව ඇත්තේ.

එමෙන්ම 20යි 20 ලෝක කුසලාන තරගාවලි දෙකක් ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා පාකිස්තානයේදී එමිරේට් ක්‍රිකට් ආයතනය සමග එක් වී සම සත්කාරකත්වය යටතේ පැවැත්වීමට ද පාකිස්තානය තීරණය කර ඇති බව සදහන්.

ඊට අමතරව 2025 හා 2029 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියන්හි සත්කාරකත්වය තනිවම දැරීමට ද එරට ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව 2024-2031 අතර කාලයේ දී පාකිස්තානය සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කර ඇති අයි.සී.සී තරගාවලි සංඛ්‍යාව 6ක්.

පාකිස්තානය අවසන් වරට අයි.සී.සී තරගාවලියක් සදහා සත්කාරකත්වය දරා ඇත්තේ 1996 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලිය සදහායි.

එහිදී ද ඔවුන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමග එක්ව සම සත්කාරක රටක් වශයෙනුයි කටයුතු කළේ.

මේ අතර, ඉන්දියාව ද 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය, 2028 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය හා 2031 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දැරීම සදහා කැමැත්තෙන් පසුවන බව සදහන්.

2024 වස‍රේ සිට 2031 වසර දක්වා අතර කාලයට ඇතුළත් අයි.සී.සී තරගාවලි සදහා සත්කාරකත්වය දැරීමට රටවල් 17ක් කැමැත්ත පල කර ඇති බව අයි.සී.සීය පසුගියදා නිවේදනය කළා.

ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, මැලේසියාව, නැමීබියාව, නවසීලන්තය, ඕමානය, පාකිස්තානය, ස්කොට්ලන්තය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අමෙරිකා එක්සත් ජනපදය සහ සිම්බාබ්වේ යන රටවල් එලෙස සත්කාරකත්වය දැරීම වෙනුවෙන් මූලික යෝජනා ඉදිරිපත් කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...