පාකිස්තානය පරදා තරගාවලියේ ජය එංගලන්තයට

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද(10) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ලකුණු 52ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 45.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා.

Phil Salt ලකුණු 60ක් හා ජේම්ස් වින්ස් ලකුණු 56ක් රැස් කළ අතර, Lewis Gregory ලකුණු 40කට දැවී ගියා.

නායක බෙන් ස්ටොක්ස්ට හයේ පහරක් හා හතරේ පහර 2ක් සමගින් රැස් කර ගත හැකි වූයේ ලකුණු 22ක් පමණයි.

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගැනීම කැපී පෙණුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 41ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 195ක් පමණයි.

පළමු තරගයේ දි ලකුණු නොලබා පළමු පන්දුවෙන් ම දැවී ගිය ඉමාම් උල් හක් මෙම තරගයේ දී රැස් කළේ එක් ලකුණක් පමණයි.

සවුද් ශකීල් ලකුණු 56ක් ද, ශඩාබ් ඛාන් ලකුණු 21ක් ද රැස් කළ අතර, නායක බබාර් අසාම් හා සොහයිබ් මක්සූද් ලකුණු 19 බැගින් ලබා ගත්තා.

හසන් අලී පිට පිට පන්දු 3කදී හයේ පහර 3ක් ද එල්ල කරමින් පන්දු 17කින් වේගවත් ලකුණු 31ක් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ලුවිස් ග්‍රෙගරි කඩුලු 3ක් දවා ගත් අතර, සකිබ් මහ්මූද්, ක්‍රෙයිග් ඕවර්ටන් හා මැට් පාකින්සන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ලුවිස් ග්‍රෙගරි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...