සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහනයට ලකුණු 337ක් පිටුපසින්

Date:

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(10) නිමා වුණා.

ඒ වන විට ලකුණු 477ක ඉලක්කයක් හඹා යමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 140ක්.

නායක බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 92ක් රැස් කළේ පන්දු 73කට මුහුණ දෙමින්.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය අද දිනයේ දී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ එක් කඩුල්ලක් දැවී ලකුණු 284ක් ලබා සිටියදීයි.

ශඩ්මන් ඉස්ලාම් නොදැවී ලකුණු 115ක් හා නජ්මුල් ශන්ටෝ නොදැවී ලකුණු 117ක් රැස් කළා.

හරාරේහි පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 468ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 276ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම තවත් ලකුණු 337ක් ලබා ගත යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...