ආබාධයෙන් පසුව ස්ටොක්ස් ක්‍රීඩා කළ පළමු ඉනිම නැවතුන හැටි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය තරගයේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි එංගලන්තය පන්දුවාර 45.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගත්තා.

Phil Salt ලකුණු 60ක් හා ජේම්ස් වින්ස් ලකුණු 56ක් රැස් කළ අතර, Lewis Gregory ලකුණු 40කට දැවී ගියා.

නායක බෙන් ස්ටොක්ස්ට හයේ පහරක් හා හතරේ පහර 2ක් සමගින් රැස් කර ගත හැකි වූයේ ලකුණු 22ක් පමණයි.

ඔහු දැවී ගියේ හසන් අලීගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සිදු වූ ආබාධයෙන් පසුව යළි ජාත්‍යන්තර පිටියට පිවිසීමෙන් අනතුරුව ඔහු පිතිකරණයේ නිරත වූ පළමු ඉනිම මෙයයි.

මෙම තරගයේ දී හසන් අලී ලකුණු 51කට කඩුලු 5ක් දවා ගැනීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...