වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ක්වෙන්ටන් ඩී කොක්

Date:

වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය මෙවර දිනා ගැනීමට ක්වෙන්ටන් ඩී කොක් සමත්ව තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ අතථ්‍ය සම්මාන උළෙලේ දී යි.

ඊට අමතරව ඔහු වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය ද දිනා ගත්තා.

වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දෙවරක් දිනා ගත් හයවැනි ක්‍රීඩකයා ලෙසයි ඩී කොක් ඉතිහාසයට එක් වුණේ.

එක්දින සහ 20යි 20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ලුන්ගි එන්ගිඩී සම්මාන හිමි කර ගත් අතර වසරේ නවක ක්‍රීඩකයාට හිමි සම්මානය Anrich Nortje විසින් දිනා ගත්තා.

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සහ එක්දින ක්‍රීඩිකාවට හිමි සම්මානය මෙවර දිනා ගත්තේ Laura Wolvaardt.

වසරේ 20යි 20 ක්‍රීඩිකාව ලෙස Shabnim Ismail සම්මාන හිමි කර ගත්තා.

Nonkululeko Mlaba වසරේ නවක ක්‍රීඩිකාවට හිමි සම්මානයයි දිනා ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...