එංගලන්ත සංචාරයට ගිය තවත් සාමාජිකයෙකුට කොරෝනා

Date:

එංගලන්ත තරග සංචාරයට එක් වූ ශ්‍රී ලංකා සංචිතයේ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

කණ්ඩායමේ දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන් මෙලෙස කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇති පසුබිමකයි.

කෙසේ වෙතත්, කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බවටයි මෙතෙක් සිදු කළ PCR පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

වාර්තා වන ආකාරයට එංගලන්ත සංචාරයට එක් වූ සියලු ක්‍රීඩකයින් ලබන 12 වනදා පමණ වන තුරු නිරෝධායනයට ලක් කර ඇති අතර, ලබන ඉරිදා දිනයේ දී සියලු සාමාජිකයින් යළි PCR පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.

එහි ප්‍රතිපල අනුව ලබන 13 වනදා ඉන්දියාවට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලිය සදහා අදාළ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වය තීරණය වනු ඇති.

එම ක්‍රීඩකයින්ට අදාළ තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඒ සදහා ආදේශ කිරීම වෙනුවෙන් මේ වන විටත් විකල්ප කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සූදානම් කරමින් සිටින බව සදහන්.

එංගලන්ත තරග සංචාරයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට ඉන්දීය තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකි වුවහොත්, ඔවුන් මේ වන විට නිරෝධායනයට ලක් කර සිටින බැවින් එම ක්‍රීඩකයින්ට කිසිදු පුහුණු සැසියක් නොමැතිව ඉන්දියාවට එරෙහි තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වනු ඇති බව ද වාර්තා වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...