“වැඩි විශ්වාසයකින් ක්‍රීඩා කරන පන්දු යවන්නෙක් දැක ගන්න පුලුවන් වෙයි” : යුස්වේන්ද්‍ර චහෙල්

Date:

ශ්‍රී ලංකාවට එරෙහි තරගවලදී මීට පෙර නොදුටු වඩා විශ්වාසදායී පන්දු යවන්නෙකු ලෙස තමාව දැක ගත හැකි වනු ඇති බව ඉන්දීය පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චහෙල් පවසනවා.

ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ අනුග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

“ඇත්තටම මම බොහෝ කාලයකට පසුවයි එක්දින තරගාවලියකට ක්‍රීඩා කරන්නේ. අපි මේ වන විටත් ශ්‍රී ලංකාවේදී පුහුණු තරග 2 කට ක්‍රීඩා කළා.” යනුවෙන් යුස්වේන්ද්‍ර චහෙල් කියා සිටියා.

“අපි අපේ පුහුණුවීම් උදේ ඉඳන්ම කරන නිසා මෙහෙ තියෙන උණුසුම දැන් අපිට පුරුදුයි. 20යි 20 තරග සමග එක්දින තරග සසඳන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්ත්වයක්. විශේෂයෙන්ම අපි ඒ තරග වලදී පැය තුනහමාරක් විතර ක්‍රීඩාංගණයේ රැඳී සිටි යුතුයි” 

“මගේ දක්ෂතා ගත්තම එය ස්වරූපයෙන් අඩුවක් ගෙන තියෙනවා කියලා මම හිතන්නේ නෑ. ක්‍රීඩකයෙකුට සෑම තරගයකදීම දස්කම් අතරට පැමිණීමට බැහැ. මම මගේ මට්ටමින් දක්ෂතා අතරට එන්න උපරිම උත්සාහ කළා. කොහොම වුණත් ඉදිරි තරගවලදී දක්ෂතා අතරට එන එක මට ගොඩක් වැදගත් වේවි”

”මේ මොහොතේ මගේ ප්‍රධානම අවධානය යොමු වෙලා තියෙන්නේ මේ තරගාවලියට. පන්දු යැවීමේ දී මගේ විශේෂිත වූ පන්දු කිහිපයක්ම තිබෙන නමුත් ඒ සියල්ල නිරන්තරයෙන්ම භාවිතා කරන්නේ නැහැ. නමුත් ඔබට මේ තරගාවලියේදී වැඩි ආත්ම විශ්වාසයකින් යුතුව පන්දු යවන ‘යුසී’ කෙනෙකු දැක ගන්නට ලැබේවි”

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන 13 වනදා පැවැත්වීමට නියමිතයි.

(ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවියේ පල වූ ලිපියක් ද ඇසුරිනි)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...