පාකිස්තානය පරදා අත්දැකීම් අවම එංගලන්ත කණ්ඩායමට පහසු ජයක්

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම අද(8) සමත් වුණා.

කාර්ඩිෆ්හි පැවැති මෙම තරගය සදහා කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් අත්දැකීම් අවම කණ්ඩායමක් යොමු කිරීමට එංගලන්තයට සිදුව තිබූ පසුබිමකයි ඔවුන් මෙම විශිෂ්ඨ ජයග්‍රහනය වාර්තා කිරීමට සමත් වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි පාකිස්තානයට පන්දුවාර 35.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

ෆකාර් සමාන් ලකුණු 47ක් සහ ශඩාබ් ඛාන් ලකුණු 30ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සකිබ් මහ්මූද් කඩුලු 4ක් දවා ගත් අතර, ක්‍රෙයිග් ඕවර්ටන් හා මැට් පාකින්සන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ජයග්‍රහී ඉලක්කය පසු කළේ පන්දුවාර 21.5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී සිටියදීයි.

ඩාවිඩ් මලාන් නොදැවී ලකුණු 68ක් හා සැක් ක්‍රව්ලි නොදැවී ලකුණු 58ක් ලබා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...