ඉන්දීය ආරම්භක පිතිකරු යළි ඉන්දියාවට කැදවයි

Date:

එංගලන්තයට එරෙහි තරග 5කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ රැදී සිටින ඉන්දීය ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල්ට යළි සියරට බලා පැමිණෙන ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඒ, ඔහු මේ වන විට ආබාධයකට ගොදුරු වී සිටින බැවින්.

ආබාධය නිසා ෂුබ්මන් ගිල්ට අගෝස්තු 4 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියම අහිමි වී ඇති නමුත්, ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කඩිනමින් ඉන්දීය සංචිතයට ආදේශ නොකරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

සංචිතයේ රැදී සිටින කේ.එල් රාහුල් ද ආරම්භක පිතිකරුවෙකු ලෙසට ටෙස්ට් තරගවලදී යොදා ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්වයේ අවධානය යොමුව නැහැ.

ඒ අනුව රෝහිට් ෂර්මාගේ ආරම්භක සගයා බවට පත්වීමට සංචිතය තුළ ඉතිරිව සිටින්නේ මයාන්ක් අගාර්වල් හා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Abhimanyu Easwaran පමණයි.

ප්‍රිත්වි ෂෝ සහ දෙව්දත් පඩික්කල් වැනි ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඉඩ ඇති බවට වාර්තා පල වන නමුත්, ඔවුන් දෙදෙනාම මේ වන විට ශ්‍රී ලංකාවේ රැදී සිටින්නේ ඉන්දීය සීමිත පන්දුවාර සංචිතය සමගින්.

පවතින නිරෝධායන නීති රීති හේතුවෙන් කඩිනමින් ක්‍රීඩකයෙකු එංගලන්තය වෙත යැවීමේ හැකියාවක් ද නොමැති වීම ඉන්දීය ක්‍රිකට් බළධාරීන් මුහුණ දෙන ප්‍රබල ගැටලුවක් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...