ක්‍රීඩකයින් පිරිසක් සංචාරක ගිවිසුම් අත්සන් කරයි

Date:

එංගලන්ත තරග සංචාරයට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඉන්දීය තරගාවලිය සදහා වන සංචාරක ගිවිසුමකට (tour contract) අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

අද(6) රාත්‍රී 8ට පෙර ක්‍රීඩකයින්ට ඊට අත්සන් තැබීම සදහා අවස්ථාව ලබා දී තිබූ අතර, ඒ අනුව එංගලන්ත සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් සංචාරක ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ.

චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න, ප්‍රවීන් ජයවික්‍රම, චරිත් අසලංක, ශිරාන් ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් සංචාරක ගිවිසුම් සදහා මෙලෙස අත්සන් තබා ඇති බව සදහන්.

සෙසු ක්‍රීඩකයින්ට වාර්ෂික කොන්ත්‍රාත් අත්සන් කිරීමට අවශ්‍යව ඇතත්, මේ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංචාරක ගිවිසුම් පමණක් අත්සන් කරන ලෙසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෙසු ක්‍රීඩකයින්ට සංචාරක ගිවිසුම් අත්සන් කිරීම සදහා හෙට(7) උදෑසන දක්වා යළි අවස්ථාව ලබා දී තිබෙනවා.

සංචාරක ගිවිසුම් අත්සන් නොකරන ක්‍රීඩකයින්ට ඉන්දීය තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව අහිමි වන බවටයි මීට පෙර ක්‍රිකට් බළධාරීන් සදහන් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...