දිනූකගෙන් පසු ඇන්ඩර්සන් කඩුලු 1,000ක් සමග ඉතිහාසගත වෙයි

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පළමු පෙල ක්‍රිකට් පිටියේ සිය 1,000 වැනි කඩුල්ල දවා ගැනීමට අද(5) සමත් වුණා.

ඒ, එරට ප්‍රාන්ත තරගාවලිය යටතේ කෙන්ට් කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හි පැවැත්වෙන තරගයේ දෙවැනි දිනයේ දී යි.

එහිදී ලැන්කෂයර් කණ්ඩායම නියෝජනය කරමින් ඔහු කෙන්ට් පළමු ඉනිමේ කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුණේ ලකුණු 19ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

කෙන්ට් ඉනිමේ කඩුලු 8ක් ලකුණු 34කට දැවී ගොස් තිබූ අතර, ඔවුන්ගේ ඉනිමේ සියලු දෙනා ලකුණු 74කට සීමා වුණා.

ඇන්ඩර්සන් ඉතිහාසගත වුණේ පළමුපෙල කඩුලු 1,000ක් දවා ගත් ලොව 216 වැනි පන්දු යවන්නා ලෙසයි.

ශ්‍රී ලංකාවේ දිනූක හෙට්ටිආරච්චි 2019 වසරේ මැයි මාසයේ දී පළමු පෙල කඩුලු 1,000 සීමාව පසු කර යාමෙන් අනතුරුව එම කඩඉමට ළගා වූ ලොව පළමු ක්‍රීඩකයා වන්නේ ද ජේම්ස් ඇන්ඩර්සන්.

2005 වසරේ දී එංගලන්තයේ Andrew Caddick සිය 1,000 වැනි පළමු පෙල කඩුල්ල දවා ගැනීමෙන් පසුව එම දක්ෂතාවය දැක් වූ ලොව පළමු වේග පන්දු යවන්නා වන්නේ ද ඇන්ඩර්සන් වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...