භානුක රාජපක්ෂට අත්හිටුවූ වසරක ක්‍රිකට් තහනමක් පනවයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් (අත්හිටුවූ) පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, එය වසර දෙකකට අත්හිටුවූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

එමෙන්ම ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවලට එක්වෙමින් ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වූ අතර, ඒ පිළිබද කෙරුණු විමර්ශනයකින් පසුවයි අදාළ දඩුවම පනවා ඇත්තේ.

මේ අතර, ඉදිරි තරගාවලි වෙනුවෙන් කොළඹ දී ජෛව ආරක්ෂි බුබුලකට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් 13 දෙනා අතරට භානුක රාජපක්ෂ ද ඇතුළත් කිරීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වීමත් සමගයි.

ඒ අනුව හෙට(6) දිනයේ දී භානුක රාජපක්ෂ ජෛව ආරක්ෂිත බුබුලට ඇතුළු වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...